අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Dave Branon

ඩේව් බ්‍රෑනන්

ඔබ ඩේව් බ‍්‍රෑනන් විසින් රචිත ලිපි වසර ගණනාවක් කියවූ අයෙක් නම් ඔබ ඔහුගේ පවුල පිළිබඳ සහ පියෙකු ලෙස (දැන් සීයා කෙනෙකු ලෙස) ඔහු උගත් පාඩම් දන්නවා ඇත. පුරා වසර 18ක් "ස්පෝට් ස්පෙක්ට‍්‍රම්" සගරාවේ ප‍්‍රධාන සංස්කාරක ලෙස සේවය කිරීමෙන් පසු, ඔහු දැන් අපගේ "ඩිස්කවරි හවුස්" හී සංස්කාරක වරයෙකු වේ. වසර ගණනාවක් ස්වාධීන ලේඛකයෙක් ලෙසින් ඔහු පොත් 15ක පමණ කර්තෘ විය. ඩේව් සහ ඔහුගේ භාර්යාව සූ, රෝද සපත්තු ක‍්‍රීඩාවේ යෙදීමට හා ඔවුන්ගේ දරු මුනුපුරන් සමග කාලය ගෙවීමට ප‍්‍රිය කරයි. ඩේව් තම සිසු සිසුවියන් සමග සේවය සඳහා සංචාරයේ යෙදීමටද ප‍්‍රිය කරයි.

ඩේව් බ්‍රෑනන් විසින් රචිත ලිපි

අනතුරු ඇඟවීම්වලට අවනත වීම

මම වෙනත් රටක නිවාඩුවක් ගත කරමින් සිටියදී ගැට කපන්නෙක් මගේ දේපළ කොල්ලකෑමට උත්සාහ කළ විට මට එය පුදුමයක් නොවීය. උමං මාර්ග සොරුන්ගේ උවදුරු ගැන මම අනතුරු ඇඟවීම් කියවා තිබුණි. එම නිසා මාගේ මුදල් පසුම්බිය ආරක්‍ෂා කර ගැනීමට කුමක් කළ යුතුදැයි මම දැන ගෙන සිටියෙමි. නමුත් එසේ වේ යැයි මම කිසිසේත් බලාපොරොත්තු නොවූයෙමි.

වාසනාවකට මෙන් මගේ මුදල් පසුබිය උදුරා ගත් තැනැත්තාට…

අවහිරවූ යාච්ඤා

වසර දහහතරක් තිස්සේ “ඔපචුනිටි” නමින් හැඳින් වූ අඟහරු ග්‍රහලෝකය වටා ගිය රෝවර් නැමැති යාත්‍රාව නාසාහි ජෙට් ප්‍රවාලන රසායනාගාරයේ සේවකයින් සමග විශ්වාසවන්තව සන්නිවේදනය කළේය. එය 2004 දී ගොඩ බෑමෙන් පසුව අඟහරු ග්‍රහයා මතුපිට සිට සැතපුම් විසි අටක් පසුකර රූප දහස් ගණනක් ගෙන බොහෝ ද්‍රව්‍ය විශ්ලේෂණය කළේය. නමුත් 2018 දී “ඔපචුනිටි” සහ විද්‍යාඥයින් අතර සන්නිවේදනය අවසන් වූයේ විශාල ධූලි කුණාටුවක් එහි සූර්්‍යය…

යේසුස්වහන්සේගේ ආසනය

මාගේ මිතුරිය වන මාජ්ට බයිබල් පාඩම් රැස්වීමකදී ටැමීව මුණ ගැසුණු විට ඔවුන් අතරෙ සමානකම් ඇත්තේ ස්වල්පයක් බව පෙනෙන්ට තිබුණි. නමුත් මාජ් ඇය හා මිතුරු වූ අතර ඇයගේ නව මිතුරියගෙන් වටිනා පාඩමක් ඉගෙන ගත්තාය. ටැමී කිසිම දිනෙක බයිබල් පාඩමකට සහභාගී වී නොතිබුණු අතර අනෙක් කාන්තාවන් කථා කළ දෙයක් තේරුම් ගැනීමට ඇයට අපහසු විය. එනම් දෙවියන්වහන්සේ ඔවුන් සමග සංනිවේදනය කරන බව. එය ඇය…

ඔබ දැනගත යුතු පුද්ගලයා

2019 මුල් භාගයේදී චාර්ලි වැන්ඩර්මීර් වයස අවුරුදු අසු හතරේදී මිය ගියේය. වසර ගණනාවක් තිස්සේ දහස් ගණනක් ජනයා ඔහුව හඳුන්වනු ලැබුවේ චාර්ලි මාමා ලෙසටය. ඒ ජාතික ගුවන් විදුලි විකාශනයේ “ළමා බයිබල් පැය” හි සත්කාරකත්වය ඔහු දැරූ නිසාය. චාර්ලි මාමා සදාකාලයට මෙම ලොවින් ඉවත්වී යාමට පෙර දින ඔහුගේ හොඳ මිතුරෙක්ට කියා තිබුණේ “එය ඔබ දන්නා දේ නොවේ. වැදගත් වන්නේ ඔබ දන්නේ කාවද…

බොහෝ සේ උපකාර කරන

ක්‍රිස්තියානි ගුවන් විදුලි මධ්‍යස්ථානයට ඇමතුම දුන් පුද්ගලයා පැවසුවේ ශල්‍යකර්මයකින් පසු තම බිරිඳ රෝහලෙන් නිවසට පැමිණෙන බවයි. ඉන්පසුව ඔහු මගේ හදවතට ගැඹුරින් කථා කළ දෙයක් බෙදා ගත්තේය. “අපේ සභා පවුලේ සෑම කෙනෙක්ම මේ කාලය තුළ අපව රැකබලා ගැනීමට බෙහෙවින් උපකාරී විය”.

මෙම සරල ප්‍රකාශය ඇසූ විට එය ක්‍රිස්තියානි ආගන්තුක සත්කාරයේ සහ රැකවරණයෙහි වටිනාකම හා අවශ්‍යතාවය මට මතක් කර දුන්නේය. ශුභාරංචිය තුළින්…

දෙවියන්වහන්සේගෙන් අයැදීම

එක උදෑසනක පුදුම සහගත නිවේදනයකින් එක් පවුලක පවුලේ යාච්ඤා කාලය අවසන් විය. තාත්තා
“ආමෙන්” යයි පැවසූ විගස පස් හැවිරිදි කේට්ලින් ප්‍රකාශ කළේ, “මම ලෝගන් වෙනුවෙන් යාච්ඤා කළා මොකද එයා යාච්ඤා වෙලාවෙ ඇස් ඇරගෙන හිටිය නිසා”.

ශුද්ධ ලියවිල්ලේ කියා තිබෙන ආකාරයට මැදිහත් යාච්ඤාව පිණිස අප කැඳවන්නේ ඔබේ දස හැවිරිදි දරුවාගේ (හෝ සහෝදරයාගේ) යාච්ඤා ශෛලිය නොවන බව මට හොඳටම විශ්වාසයි. එසේ නමුත්…

සියළුම මාර්ග?

“අධිවේගී මාර්ගයේ ගමන් කරන්න එපා!” දිනක් මම වැඩපොළෙන් පිටත්ව එන අවස්ථාවේදී මගේ දුවගෙන් මෙම පණිවිඩය ලැබූණා. ගෙදරට පැමිණෙන අධිවේගී මාර්ගය වාහන නැවැත්වීමේ ස්ථානයක් බවට පත් වී තිබුණා. මම වෙනත් මාර්ගවලින් යන්න උත්සාහ කළ නමුත් එම මාර්ගවලත් වාහන තදබදයක් තිබූ නිසා මම එය අත්හැරියෙමි. නිවස බලා ආපසු යන ගමන තරමක් ප්‍රමාදවන නිසා මම ප්‍රතිවිරුද්ධ මාර්ගයේ ගමන් කර මගේ මිනිබිරිය සහභාගි වෙමින්…

ළදරුවාට දමන නම කුමක්ද?

මරියා කුසෙහි දරුවා දරා ගෙන සිටින කාලයේදී “යෝසෙප්, අපි දරුවාට තබන නම කුමක්ද?” කියා ඇසීමට ඇයට සිදු නොවීය. උත්පත්තියක් බලාපොරොත්තුව සිටින බොහෝ අය මෙන් නොව දරුවාට තබන නම ගැන ඔවුන්ට ප්‍රශ්නයක් නොවීය.

මරියා සහ යෝසෙප් හමුවීමට පැමිණී දේවදූතයා ඔවුන්ට කීවේ දරුවාගේ නම යේසුස් විය යුතුය කියාය (මතෙව් 1:20; ලූක් 1:30-31). යෝසෙප්ට දේවදූතයා පැවසුවේ එහි අර්ථය වන්නේ “තමන්ගේ සෙනග ඔවුන්ගේ පාපවලින්…

අපගේ භූමිකාව කියාත්මක කිරීම

“ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්” නම් සංගීතමය නාට්‍යයයෙහි රඟපෑමට මාගේ මිණිබිරියන් දෙදෙනෙකු සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගිවූ අවස්ථාවේ ඔවුන් දෙදෙනාටම ප්‍රධාන චරිත ලබාගැනීමට දැඩි ආශාවක් තිබුණේය. මැගීට අවශ්‍ය වුනේ තරුණ ඇලිස්ගේ චරිතය රඟපාන්නටයි. කේටි සිතුවා මැටිල්ඩාගේ චරිතය ඇයට හොඳයි කියා. නමුත් ඔවුන්ට ලැබුණේ මල් මෙන් රඟපෑමටයි.

නමුත්, “ප්‍රධාන චරිත රඟපාන්නට ලැබුණු ඔවුන්ගේ මිතුරියන් ගැන ඔවුන් බොහොම සතුටුවුනා” කියා මාගේ දියණිය පැවසුවාය. තම මිතුරියන්ගේ උද්යෝගය…

දේශනාකරනවාද නැත්නම් හානවාද?

පවුලේ පැරණි කථාවකට අනුව බිලී සහ මෙල්වින් යන සහෝදරයන් දෙදෙනා දිනක් තම ගොවිපොළේ සිටින විට ගුවන් යානයක් අහසේ යමක් ලියනවා දුටුවෝය. ගුවන් යානය GP යන අකුරු දෙක ලියනාකාරය ඔවුහු බලා සිටියහ.

ඔවුන් දෙදෙනාම තීරණය කළේ ඔවුන් දුටු දෙය ඔවුන්ට අර්ථයක් දෙන බවය. එක් අයෙක් සිතුවේ එයින් අදහස් කළේ “Go Preach” “ගොස් දේශනාකරන්න” කියා කියවෙන බවය. අනෙකා සිතුවේ “Go Plow” “ගොස්…